සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ බැබා STF අත්අඩංගුවට

ජූලි 07, 2020

    විදේශගතව සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා නමැත්තාගේ අපරාධ සහයකයෙකු හොරොයින් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය.

    අතුරුගිරිය ශාන්තාලෝකගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 7.30ට පමණ සැකකරු අත්අඩංගුවට ගත් බවයි, පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ. ඔහු ක්‍රිෂාන් නිලංග දාඹරේ හෙවත් බැබා ලෙස හැඳින්වෙයි. 2018 මාර්තු 19 වැනිදා අතුරුගිරිය, ගල්වරුසාව පාරේ දී ගල්මෝල් හිමියෙකු වෙඩි තබා ඝාතනය කිරිම, සුජීව සේනසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ලේකම්වරයාට නිවසට වෙඩි තැබීම ඇතුළු අපරාධ ගණනාවකට ඔහු සම්බන්ධ බව හෙළි වී තිබේ.

    Last modified on අඟහරුවාදා, 07 ජූලි 2020 13:03

    Latest News