ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු වෙනුවෙන් ලබාදුන් විශේෂ පොලි අනුපාතය සංශෝධනය කර ඇති බවටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත ඔවුන්ට ලබාදී තිබූ ආදායම් බදු සහනය ඉවත් කර ඇති බවටත් ඇතැම් මාධ්‍ය මගින් කර ඇති ප්‍රකාශ අසත්‍ය හා පදනම් විරහිත වේ.
රජය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැත. නව රජය පත්වීමත් සමඟ 2020.01.01 දින සිට බැංකු පොලිය මත අයකළ රඳවා ගැනීමේ බද්ද (Withholding Tax)අහෝසි කරන ලද අතර, මාසික පොලී ආදායම රු. 250,000.00 ක් එනම් වසරකට රු. 3,000,000 ක් දක්වා බද්දෙන් නිදහස් කර ඇත.
මෙවැනි අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ මගින් නොසන්සුන්තාවයට පත්නොවන ලෙස ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය දැනුම්දෙනු ලැබේ.