මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තර කෙරේ

ජූලි 07, 2020

    විදෙස් රටවල සිට මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ මුහුදු සීමාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව නාවික හමුදාව පවසයි.

    විශේෂයෙන් ඉන්දියාවේ සිට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් මුහුදු මාර්ගයෙන් මෙරට උතුරු ප්‍රදේශයට පැමිණීමේ අවදානමක් පවතින බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

    මීට පෙර අවස්ථාවල දී මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ අතර එය තවදුරටත් පුළුල් කරමින් පවත්වාගෙන යන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා සඳහන් කරයි.

    ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ඉදියේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 07 ජූලි 2020 09:45

    Latest News