කොවිඩ්-19; 149 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි

ජූලි 06, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 149 දෙනෙකු පමණක් අද වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 1,917ක්. කොවිඩ්-19 රෝගය වැළඳුණු පුද්ගලයෙකු, අද මෙරටින් වාර්තා විය. ඔහු මාලදිවයිනේ සිට පැමිණි අයෙක්.

    රෝගයට ගොදුරු වූ නාවික හමුදා සාමාජිකයන් 904 දෙනා අතරින් 885 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 97,89ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, 9 දෙනෙකු පමණක් බව නාවික හමුදාව පවසයි. ප්‍රතිශතයක් ලෙස එය 2.10%ක්.

    කොවිඩ් 19 වැළඳුණු සමස්ත රෝගීන්ගෙන් 1,917 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. ප්‍රතිශතයක් ලෙස එය 92.29%ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ, 149 දෙනකු පමණි.

    කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි ජින්තුපිටිය ප්‍රදේශයේ 154 දෙනා අද යළි නිවෙස් වෙත පිටත් කර හැරිණ. එම ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගියෙකු ලෙස හඳුනා ගැණුනු පුද්ගලයා ආසාදිතයෙකු නොවන බවට තහවුරුවීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ. ඔහුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවට තහවුරු වුවද නිරෝධායනයට යොමු කළ සිටි සියලු දෙනාම පීසීආර් පරීක්‍ෂණ සඳහා යොමු කළ බව වාර්තාවේ. ඔවුන් කිසිවෙකුට ද කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවට තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

    Latest News