තැපැල් ඡන්ද අයඳුම්කරුවන්ට පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

ජූලි 01, 2020

    2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්කරුවන් සඳහා ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඊයේ ආරම්භ කෙරිණ. ඒ දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී. මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලවල තැපැල් ඡන්ද විමසීම ලබන 13 වැනිදා සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    මෙවර මහ මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව හත් ලක්ෂ පන්දහස් 85ක්. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 13,14 හා 15 යන දිනවල සිදු කිරීමට නියමිතයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා ආරක්ෂක අංශ තැපැල් ඡන්ද සළකුණු කිරීම සිදු කරන්නේ, ජුලි මස 16 හා 17 යන දිනවලයි. තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන අයට ජූලි මස 20,21 යන දිනවල අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

    15.ඉඩම් ලියපදිංචියේ දී සිදුවන වංචා නතර කිරීම සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීම සඳහා ඊ-ඉඩම් ලියාපදිංචි ක්‍රමවේදය, කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය සඳහා ඉඩම් ලියාපදිංචියට අදාළ ආයතන අතර ඒකාබද්ධතාවය අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියේ, ඊ-ඉඩම් ලියාපදිංචිය සම්බන්ධ වැඩසටහන පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවකදී. වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණපා සිටියි. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඊ-ඉඩම් ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ, වනජීවී, වනසංරක්ෂණ සහ පරිසර යන අමාත්‍යාංශ ද ඒකාබද්ධව කමිටුවක් පත් කර වැඩසටහන කඩිනම් කරන ලෙසයි. ඊ-ඉඩම් ලියාපදිංචි හෙවත් විද්‍යුත් ලියාපදිංචිය යටතේ ඔප්පුව,පත්ඉරුව,ආදිය පරිගණක ගත කෙරේ.

    Last modified on බදාදා, 01 ජූලි 2020 16:36

    Latest News