කෑගල්ල-ඇඹිලිපිටිය නගර සංවර්ධනයට රු.මි.1250ක්

ජූනි 30, 2020

    කෑගල්ල සහ ඇඹිලිපිටිය නගර සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

    වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1250ක්. නගර සංවර්ධන සැලැස්ම ඊයේ එළිදැක්විණ. මේ අනුව කෑගල්ල සහ ඇඹිලිපිටිය සඳහා සතිපොළ, බස්නැවතුම්පොළ, පොදු වෙළෙඳ සංකීර්ණ, කසල කළමනාකරණය, පොදු වැසිකිලි පද්ධති, කානු පද්ධති, ඇවිදින මංතීරු සහ මාර්ග පද්ධති සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. ණය ආධාර ලබාදෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි. සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

    Latest News