2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ (වීඩියෝ)

ජූනි 30, 2020
  • 2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්කරුවන් සඳහා ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද ආරම්භ කෙරිණ.

    ඒ, දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලවල තැපැල් ඡන්ද විමසීම ලබන 13 වැනිදා සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    මෙවර මහ මැතිවරණයේ දී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව හත් ලක්‍ෂ 5085ක්. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 13,14 සහ 15 යන දිනවල සිදු කිරීමට නියමිතයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ ආරක්‍ෂක අංශ තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කරන්නේ, ජූලි මස 16 සහ 17 යන දිනවලයි. තැපැල් ඡන්ද සළකුණු කිරීමට නොහැකි වන අයට ජූලි මස 20,21 යන දිනවල අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

    එහිදී මැතිවරණ ක්‍රියාවලියේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් පළ කෙරිණ.

    Latest News