අගමැති අතින් විවෘත වූ “බෞද්ධයා” නව ගුවන් විදුලි මැදිරි සංකීර්ණය

ජූනි 30, 2020

    “බෞද්ධයා” නාලිකාවේ නව ගුවන් විදුලි මැදිරි සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද විවෘත කෙරිණ.

    ඒ, කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථාන භූමියේ දී.

    නව ගුවන් විදුලි මැදිරි සංකීර්ණය විවෘත කෙරුණේ, සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ. “බෞද්ධයා” රූපවාහිනී නාලිකාවේ 13 වැනි සංවත්සරය නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් ද පැවැත්විණ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, නව ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සම්මුඛ සාකඡාවකට ද එක්විය. එහිදී කෙටි පිළිසඳරක යෙදුණු අග්‍රාමාත්‍යවරයා, නිර්මල බුදුදහම පැතිරවීම සඳහා “බෞද්ධයා” නාලිකාවේ නිර්මාතෘ අපවත්වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේගෙන් ඉටුවූ සේවය සිහිපත් කළේය. බෞද්ධයා රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවේ අධ්‍යක්‍ෂ පූජ්‍ය බොරලන්දේ වජිරඥාණ හිමියන් සහ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, වෛද්‍ය හර්ෂ අලස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News