අනුරාධපුර යල කන්නයේ තල අස්වනු නෙලීම ඇරඹේ

ජූනි 30, 2020

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ තල අස්වනු නෙලීම ආරම්භ කර තිබේ.

    මහවැලි කලාප හැර සෙසු ප්‍රදේශවල අක්කර 17,000ක මෙවර තල වගා කෙරිණ.

    ඉකුත් වසරේ පැවති විවිධ දේශගුණික බලපෑම් නිසා තල වගාව බෙහෙවින් අඩුවිය. සුළු වාරිමාර්ග යටතේ අවම ජල භාවිතයෙන් මෙවර තල වගා කිරීමට ගොවීන් සමත්ව තිබේ. අවම වියදමකින් වැඩි අස්වැන්නක් ලබාගැනීමට ගොවීන්ට හැකිව ඇති බව දිස්ත්‍රික් කෘෂිකර්ම කාර්යාලය පවසයි. එහෙත්, පෞද්ගලික තොග වෙළෙඳුන් තල අස්වැන්න ඉතා අඩු මුදලකට තමන්ගෙන් ලබා ගැනීමට සූදානම්ව සිටින බව ගොවීන් පවසයි. එබැවින් අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගොවීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    Latest News