ඊයේ මෙරටින් කොවිඩ්19 ආසාදනය වූ 5යි

ජූනි 30, 2020

    මේවන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 ආසාදනය වී සුව වූ ගණන 1678ක් වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.

    එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ ගණන 2042 ක් ලෙස වාර්තාවේ. ඒ අනුව මෙරට කොවිඩ්19 ආසාදනය වී ඉන් 81%කට වඩා ප්‍රතිශතයකට එය සුව වී තිබේ.

    ඊයේ වාර්තා වූ ආසාදිතයන් 5 දෙනාගෙන් 3ක් පාකිස්ථානයේ සිට සහ 2ක් බංග්ලාදේශයේ සිට පැමිණි අයවේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 353ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 40 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.

    Latest News