මුස්ලිම් ජනතාවගේ ගෞරවය රැකීමට සැමවිටම ක්‍රියා කළා; අගමැති (වීඩියෝ)

ජූනි 29, 2020
  • මුස්ලිම් ජනතාවගේ ගෞරවය රැක ගැනීමට තම රජය සැමවිටම ක්‍රියා කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා අද මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුස්ලිම් සම්මේලනයේ දී.

    සම්මේලනයට පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතා, මුස්ලිම් ජනතාව විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වඳින අපේක්‍ෂකයින් ද ඊට එක්වූහ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ගත් සෘජු තීරණය නිසා කොවිඩ්-19 වසංගතය මර්දනය කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    Last modified on සදුදා, 29 ජූනි 2020 20:22

    Latest News