“ද නිවුස් පේපර්“ චිත්‍රපටය ජනපති, අගමැති නරඹයි (වීඩියෝ)

ජූනි 29, 2020
  • “ද නිවුස් පේපර්“ චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එක්වූහ.

    චිත්‍රපටය කොළඹ දී ඊයේ ප්‍රදර්ශනය කෙරිණ. සරත් කොතලාවලගේ සහ කුමාර තිරිමාදුරගේ සම අධ්‍යක‍්ෂණයෙන් “ද නිවුස් පේපර්“ චිත්‍රපටය නිර්මාණය වී තිබේ. නිෂ්පාදනය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී.ප්‍රේමසිරි යන මහත්වරුන්ගෙන්. ජුලි 02 වැනිදා සිට දිවයිනේ සිනමා ශාලාවල “ද නිවුස් පේපර්“ චිත්‍රපටය දර්ශනය කෙරේ. එදින උදේ 10.30ට ප්‍රථම දර්ශනය නොමිලයේ නැරඹීමට ජනතාවට අවස්ථාව උදාවී තිබේ.

    කොවිඩ් මර්දනයට සහය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට සහ මාධ්‍ය වේදීන්ට තම නිල හැඳුනුම්පත භාවිත කරමින් එක් වතාවක් සිනමා පටය නොමිලේ නැරඹිය හැකිය.

    Last modified on සදුදා, 29 ජූනි 2020 20:06

    Latest News