මාලදිවයින් මහ කොමසාරිස්, අගමැති හමුවෙයි

ජූනි 29, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මාලදිවයින් මහ කොමසාරිස් ඔමාර් අබ්දුල් රසාක් මහතා අතර හමුවක් අද (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    එළැඹෙන ජුලි 15 වන දා මාලදිවයින නැවත විවෘත කිරීමට නියමිතව ඇති බැවින් කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන්, මාලදිවයිනේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්ට සුපුරුදු පරිදි සේවයේ යෙදිමට අවස්ථාව හිමිවන බව මහ කොමසාරිස්වරයා එහිදී අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

    මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ තොරතුරු ද මෙහිදී මහ කොමසාරිස්වරයාගෙන් විමසූ අග්‍රාමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් 15000-20000 අතර ප්‍රමාණයක් මාලදිවයිනේ සේවය කරන බවද සඳහන් කළේය.

    මාලදිවයින යළි විවෘත කිරීමට එරට රජය ගෙන ඇති තීරණයට සුබ පතමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ එරට සංචාරක ක්ෂේත්‍රය යළි යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

    Latest News