මුව ආවරණ රහිතව ගමන් කළ 1217ක් ස්වයං නිරෝධායනයට

ජූනි 29, 2020

    බස්නාහිර පළාතේ සිදු කළ මෙහෙයුම්වලදී මුව ආවරණ රහිතව ගමන් කළ 1217 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

    එවැනි පුද්ගලයින් සොයා අදත් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ.

    මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකරන්නන්ට එරෙහිව නෛතික පියවර ගැනීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. එහි එක් අදියරක් ක්‍රියාත්මක කෙරුණේ කොටුව දුම්රිය ස්ථානය අසළදී. ඒ පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්වයි.

    මුව ආවරණ නොමැතිව ගමන් කළ පුද්ගලයන් සොයා වවුනියාව ප්‍රදේශයේ ද අද මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ. සෞඛ්‍ය ක්‍රම අනුගමනය නොකරන පුද්ගලයින්ට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් අවවාද කරනු ලැබීය.

    කළුතර නගරය අවට ප්‍රදේශවල ද සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින පුද්ගලයන්ට අවවාද කෙරිණ. ඒ, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් එක්වයි.

    තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක වුණේ, රත්නපුර නගරයේදී. සෞඛ්‍යාරක්‍ෂිතව කටයුතු නොකරන පුද්ගලයින් රත්නපුර පොලිසිය වෙත රැගෙනවිත් අවවාද කෙරිණ.

    Latest News