කෞතුකාගාර ලබන 01 වැනිදා සිට විවෘත කෙරේ

ජූනි 29, 2020

    දිවයිනේ කෞතුකාගාර සියල්ල සෞඛ්‍ය නීතිරිතිවලට යටත්ව ලබන 01 වැනිදා සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට නියමිතයි.

    රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර සෑම දිනකම පෙරවරු 9.00 සිට 4.00 දක්වා, ඒවා විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එක්‌ වරකට උපරිම නරඹන්නන්‌ 15 දෙනෙකුට සීමා කෙරෙන අතර, විනාඩි 30කට වරක්‌ නරඹන්නන්‌ ඇතුළු කරවීමට පියවරගෙන තිබෙනවා. සවස 2.30න්‌ පසු ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බව, එම දෙපාර්තමේන්තුව නිකුත්‌ කළ නිවේදනයේ සඳහන්‌. චාරිකා සඳහා, දින හා වේලාවන්‌ වෙන්‌ කරවා ගැනීමේදී www.museum.gov.lk වෙබ් අඩවිය වෙතින් තොරතුරු විමසිය හැකියි.

    Latest News