ළමුන් සදහා පාසල් විවෘතවීමට ප්‍රථම සෑම පාසලකටම ඩෙංගු පරීක්ෂා කර සහතිකයක්

ජූනි 29, 2020

    කෝවිඩ් 19 වසංගතයෙන් පසු පාසල් විවෘත කිරීමේ දී දෙවන අදියර යටතේ ළමුන් සදහා පාසල් යළි විවෘත කිරීමට ප්‍රථම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයිනේ සෑම පාසලක්ම ඩෙංගු පිළිබද පරීක්ෂා කර සහතිකයක් ලබාදීමට නියමිතව ඇති බව වාර්තාවේ.

    මේ දිනවල පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගයෙහි සුළු වැඩි වීමක් බස්නාහිර, දකුණ සහ මධ්‍යම පළාත්වල දැකිය හැකි බවත් ඉදිරියට ඩෙංගු යළි හිස එසවිය හැකි බැවින් ජනතාවට අවධානයෙන් පසුවන ලෙසත් ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

    ඩෙංගු මර්දන ඒකකය විසින් පසුගිය සති කිහිපයෙහි ඩෙංගු අධි අවදානම් කලාප වල නිවාස ආශ්‍රිතව ඩෙංගු බෝ විය හැකි ස්ථාන පරීක්ෂාවට ලක් කළ අතර මෙම සතිය තුළ අධි අවදානම් කලාප ආශ්‍රිතව ඇති ඉදිකිරීම් ස්ථාන වල ඩෙංගු බෝ විය හැකි ස්ථාන පරීක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

    තමා අවට වටපිටාව පවිත්‍ර කර ගනිමින් ඩෙංගු බෝ විය හැකි ස්ථාන විනාශ කිරීමට සැවොම කටයුතු කිරීම තුළින් ඩෙංගු වලින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට හැකිවනු ඇත.

    Latest News