තෙවන අදියරට බස් මංතීරු නීතිය අද සිට

ජූනි 29, 2020

    බස් රථ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ තුන්වන අදියර අද ආරම්භ කෙරුණා.

    ඒ, නුවර පාරෙන් සහ මීගමු පාරෙන් කොළඹට ඇතුළු වන බස්‌ රථ සඳහායි.

    ඉඟුරු කඩේ‌ හන්දියේ සිට බස්‌ රථ ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාන්මක කෙරුණා. කොළඹ නාගරික රථවාහන පොලිසියේ නිලධාරීන්ගේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ අධීක්‍ෂණයට ලක්‌ කරමින් අද පෙරවරු 6.00 සිට 9.00 දක්වා කාලය පෙර පුහුණුවක්‌ ලෙස ක්‍රියාත්මක වුණා. පාසල්‌ සමය ආරම්භවීමට නියමිත වූ බැවින්‌ වාහන තදබදය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹ තිබෙනවා. මේ අනුව පළමුවන අදියරේදී මොරටුව සිට ගාලු පාර ඔස්සේ කොළඹ කොටුව දක්වාත්, දෙවන අදියරේදී බොරැල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් එය ක්‍රියාත්මක කෙරුණා.

    Latest News