හිමිනමකට පහරදීමක් ගැන සැකපිට 2ක් අත්අඩංගුවට

ජූනි 29, 2020

    කහටගස්දිගිලිය පොලිස් වසමේ විහාරස්ථානයක හිමිනමකට පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    2020.06.27 වන දින රාත්‍රී 7ට පමණ මෙය සිදුව ඇතැයි පොලිස් ස්ථානයට ලද තොරතුරු මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. එහිදී එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (28) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    පහරකෑමට ලක් වු හිමිනම මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 33 ක් හා 60 යන වයස්වල පසුවෙන වහගහපු වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    සැකකරුවන් අද (29) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    පහරදීම කලක සිට පැවතෙන පුද්ගලික ආරවුලක් මත සිදුව ඇතැයි කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Latest News