අද වන විට මෙරට කොවිඩ්19 ආසාදනය වූ 81%කට වඩා සුවයි

ජූනි 29, 2020

    මේවන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 ආසාදනය වී සුව වූ ගණන 1661ක් වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.

    එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ ගණන 2037 ක් ලෙස වාර්තාවේ. ඒ අනුව මෙරට කොවිඩ්19 ආසාදනය වී ඉන් 81%කට වඩා ප්‍රතිශතයකට එය සුව වී තිබේ.

    ඊයේ වාර්තා වූ ආසාදිතයන් 4 දෙනා බංග්ලාදේශය, කුවේට්, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල සිට පැමිණි අයවේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 365ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 51 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.

    Latest News