MCC කමිටුවේ අවසන් වාර්තාව කියවීමට ජනතාවට අවස්ථාව (වීඩියෝ)

ජූනි 28, 2020
  • සහශ්‍රක අභියෝග සමායතන ව්‍යාපෘතිය හෙවත්, එම්සීසී පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ජනතාවට කියවීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.

    එය වෙබ් අඩවි තුනක් ඔස්සේ ජනතාවට පරිශීලනය කළ හැකි බව ඒ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    www.president.gov.lk / www.presidentsoffice.lk සහ www.pmdnews.lk එම වෙබ් අඩවි වේ. එම්.සී.සී. ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් පසුගිය ජනවාරි පළමුවැනිදා සිව් පුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය. එහි සභාපතිවරයා වශයෙන් පත් කෙරුණේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතායි.

    ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරළත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කෙරිණ. කමිටුවේ අවසන් වාර්තාව පසුගිය 25 වැනිදා ජනාධිපතිතුමා වෙත බාරදෙනු ලැබීය. කමිටු වාර්තාවේ අන්තර්ගතය ජනතාවට දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කරන ලෙස ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් දී ඇත.

    Last modified on ඉරිදා, 28 ජූනි 2020 19:30

    Latest News