නාවික හමුදාවේ තවත් 9කට සුවයි

ජූනි 26, 2020

    කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබ සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 820 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    තවත් නාවික හමුදා සාමාජිකයින් 9ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදුකළ පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් ඇත. මෙම පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි.

    රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික හමුදා සාමාජිකයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

    කොවිඩ් නයින්ටීන් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 901 දෙනාගෙන් 820 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවත් නාවික සාමාජිකයින් 81ක් ප්‍රතිකාර ලබන බවද නාවික හමුදාව පවසයි.

    Last modified on සිකුරාදා, 26 ජූනි 2020 11:18

    Latest News