සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න මහතා පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස රුපියල් 125,000ක් සහ ශ්‍රී ලාංකික වෙළෙඳ නාවික වෘත්තිකයන්ගේ සංගමය රුපියල් 5,050,000ක් අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්හ.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වරයා අමාත්‍ය ලේකම් ප්‍රියන්ත මායාදුන්න යන මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.
ලක්ෂ්මන් නානායක්කාර මහතා රුපියල් 10,000ක්, මහනුවර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සී.පී. බටවල මහතා රුපියල් 35,461ක්, ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ සාමාජිකයන් රුපියල් 528,000ක්, අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ කාර්ය මණ්ඩලය රුපියල් 36,408.35ක්, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ. වික්‍රමසිංහ මහතා රුපියල් 4,013.33ක්, ජී.එම්. ධර්මවර්ධන මහතා රුපියල් 43,180.96ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.
දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,413,496,240.50 කි. දෙස් විදෙස් පරිත්‍යාගශීලීහු ගිණුමට දායක වී සිටිති.
චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 076-0700700/ 011-2320880/ 011-2354340/ 011-2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට හැකියි.