නාවික හමුදාවේ තවත් 21කට සුවයි

ජූනි 25, 2020

    කොරෝනා ආසාදිතව සුවය ලැබු මෙරට සමස්ත නාවික සාමාජිකයින් ගණන 811 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 21 දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව යාමත් සමගයි.

    රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

    මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 901 දෙනාගෙන් 811 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.

    තවත් නාවික සාමාජිකයින් 90ක් ප්‍රතිකාර ලබන බවද නාවික හමුදාව පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූනි 2020 09:29

    Latest News