කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ (21) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 09දෙනෙකු මිනුවන්ගොඩ රෝහලින්ද, දෙදෙනකු (02) අයිඩීඑච් රෝහලින්ද, එක් නාවික පුද්ගලයෙකු වැලිකන්ද රෝහලින්ද ප්‍රතිකාර ලබා ගත් අය වන අතර, එම රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කළ පීසීආර් පරීක්ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
තවද නාවික හමුදා පුද්ගලයින් 12දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 785 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගිය සියළුම නාවික පුද්ගලයින් හට සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු ඇත.