බස්වලට ජංගම දුරකථන නව යෙදවුමක්

ජූනි 19, 2020

    ලංගම සහ පුද්ගලික බස් රථ සම්බන්ධයෙන් ජංගම දුරකථන නව යෙදවුමක් හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිසම පියවර ගෙන තිබේ.

    මගී ප්‍රවාහන සේවා කඩිනම් කිරීම අරමුණයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධ නව යෙදමුවමක් හදුන්වාදීමට ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී ඇති අතර ඒ අනූව එය ලබන සතියේ සිදු කිරීමට නියමිතයි. මේ පියවර ගෙන ඇත්තේ ඇතැම් පුද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය කිරීම නිසා මගීන්ට සිදුවන හිරිහැර මෙන්ම, අධික වේගයෙන් ධාවනය හේතුවෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම හා මගී ජනතාවගේ කාලය කළමනාකරණය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්.

    නව යෙදවුම් මගීන්ට බස් රථ පැමිණෙන තෙක් බලා නොසිට, බස් රථය පැමිණෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව සහ තමන් ගමන් කිරීමට අපේක්ෂිත වේලාවට පැමිණෙන බස් රථය ඒ වන විටත් පවතින ස්ථානය හඳුනා ගැනීම සඳහා පහසුකම් සැලසෙයි. ජංගම දුරකථන නව යෙදවුම මේ වන විට සකස් කර අවසන්. ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශශී වෙල්ගම මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත්තේ, එය ජනතාවට හඳුන්වාදීම ලබන සතියේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි.

    Last modified on සිකුරාදා, 19 ජූනි 2020 11:06

    Latest News