RMV යන්න කලින් වේලාව වෙන් කර ගැනීම අනිවාර්යයි

ජූනි 18, 2020

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සැපයෙන සේවාවන් ලබා ගැනීමේ දී කල්වේලා ඇතිව දින වෙන් කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

    මෙම ක්‍රියාවලියෙන් පරිභාහිරව කිසිවෙකුටත් දෙපාර්තමේන්තුව තුළට ඇතුළු වීමට අවසර නොලැබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    වෙන් කර ඇති දුරකථන අංක කාර්ය බහුල අවස්ථාවන් නිරීක්ෂණය වන බැවින් ලබා දි ඇති දුරකථන අංකවලට අමතරව නව දුරකථන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබේ.

    ඒ අනුව සතියේ දිනවල පෙ.ව.9 සිට ප.ව 4 දක්වා පහත දැක්වෙන අංකවලට ඇමතිය හැකියි.

    RMV-Sinhala1tele.jpg

     

    Latest News