ශ්‍රී ලංකාවට නීති විරෝධිව මුහුදෙන් පැමිණීමේ ඉඩක් නැහැ - නාවික හමුදාව

ජූනි 17, 2020

    මුහුදු මාර්ග ඔස්‌සේ ශ්‍රී ලංකාවට නීති විරෝධි ලෙස කොරෝනා ආසාදිතයන්‌ ඇතුළ ඕනෑම රටක සංක්‍රමණිකයන්‌ පැමිණීමේ සියලු ඉඩකඩ අවහිර කර ඇතැයි, ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

    රජය කොවිඩ් - 19 මැඩලීමේ ක්‍රියාදාමය ආරම්භ කළ මුල්‌ අවස්ථාවේ සිටම මේ වැඩපිළිවෙළ කියාත්මක වූ බවයි, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගුතිතන්‌ කමාන්ඩර්‌ ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේ.

    ජාත්‍යන්තර මුහුදු සීමාවේ දිවයිනට උතුරු හා වයඹ කලාපවල වැඩි ධීවර ඝනත්වයක්‌ දක්නට ලැබෙනවා. එය ආවරණයක්‌ ගනිමින්‌ නීතිවිරෝධි සංක්‍රමණිකයන්‌ පැමිණීමේ ඉඩ ඇතත්‌, එම හැකියාවන්‌ වළක්වා ඇනි බවයි, නාවික හමුදාව පවසන්නේ.

    Latest News