මනම්පිටිය වැලි බෙදාහැරීම අක්‍රමිකතාවකින් තොරව

ජූනි 15, 2020

    පොළොන්නරුව,මනම්පිටිය වැලි නිධියේ වැලි අක්‍රමිකතාවකින් තොරව නිසි ක්‍රමවේදයක් යටතේ බෙදාහැරීමට ක්‍රියා කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

    එහි සභාපති අනුර පැල්පොළ මහතා ඊයේ පැවති සාකච්ජාවකදී, මේ බව කියා සිටියේය. මනම්පිටිය වැලි ප්‍රවාහන ටිපර් රථ හිමියන් සමග සාකච්ජාව පැවැත්වුණේ, පොළොන්නරුව,ජයන්ති විහාරස්ථාන ශුවණාගාරයේදී. ඒ හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සහ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර පැල්පොළ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

    මනම්පිටිය මහවැලි ගංගා නිම්නයේ වැලි සඳහා විශාල ඉල්ලුමක් පවතියි. කොරෝනා වසංගතයත් සමග වැලි ගොඩදැමීම හා ප්‍රවාහනය ද මුළුමණින්ම ඇණහිට තිබිණ. රට ක්‍රමයෙන් විවෘත කිරීමත් සමග වැලි ව්‍යාපාරය ද පෙර පරිදි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

    Latest News