තවත් නාවිකයින් 41ක් සුව අතට

ජූනි 09, 2020

    කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙක් අද (09) දිනය සුවය ලබා ඇතැයි නාවික හමුදාව පවසයි.

    ඔවුන්ගෙන් 35 දෙනෙක් නාවික මහ රෝහලෙන්ද, 05 දෙනෙක් වැලිකන්ද රෝහලින්ද, එක් නාවික පුද්ගලයෙක් කාත්තන්කුඩි රෝහලින්ද ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

    රෝහල තුළ ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වී තිබේ. නාවික හමුදා පුද්ගලයින් 563ක් මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.

    රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

    Last modified on අඟහරුවාදා, 09 ජූනි 2020 11:42

    Latest News