බස් රථ සඳහා Prepaid Travel Card පතක්

ජූනි 09, 2020

    ලංගම හා පුද්ගලික මගී ප්‍රවාහණ බස් රථ සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පතක් හඳුන්වා දීමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් කටයුතුයොදා තිබේ.

    දැනට පවතින කොවිඩ් 19 නිසා මුදල් පරිහරණයේ දී එම වෛරසය මුදල් මගින් මහජනතාව අතර පැතිරීමට ඇති ඉඩකඩ හේතුවෙන් විශේෂයෙන් මගී ප්‍රවාහනයේ දී ඉන් සිදුවිය හැකි බලපැම වැඩි බව පෙනී ගොස් තිබේ.එම නිසා මෙම පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පත කඩිනමින් හඳුන්වා දීමට පියවර ගන්නා ලෙසප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමනකොමිසමට උපදෙස් දුන්නේය.

    එමෙන්ම මෙම කාඩ්පත දුම්රිය ගමනාගමනය සඳහා ද යොදා ගැනීමට අපේක්ෂා කරන බවප්‍රකාශ කළෙ අමාත්‍යවයරා මෙම පෙර ගෙවුම් ගමන් කාර්ඩ් පත හඳුන්වා දීමෙන් පසුව ලංගමබස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්හට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වැටුපටඅමතරව මාසික දීමනාවක් ද ලබා දීමට පියවර ගන්නා ලෙසත් උපදෙස් දෙනු ලැබීය.පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට ද වැටුපට අමතරව දීමනාවක් ලබා දීමසම්බන්ධව පුද්ගලික බස් රථ හිමියන් සමග සාකච්ඡා කරන ලෙස ජාතික ගමනාගමනකොමිසමේ සභාපතිවරයාට උපදෙස් දෙනු ලැබීය.

    මෙම Travel Card පත සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී. ජාතිකගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට කියා සිටියේ ජූලි මාසයේ අවසන් සතිය වනවිට මෙම කාර්ඩ් පත අප රටේ මගීන්ගේ පරිහරණය සඳහා හඳුන්වා දීමට සූදානම් බවයි.

    Last modified on අඟහරුවාදා, 09 ජූනි 2020 10:17

    Latest News