මෙරට ප්‍රථම තාක්ෂණ විද්‍යා පීඨය අගමැති අතින් සිසු අයිතියට

ජූනි 08, 2020

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය සිසු අයිතියට පත් කිරීම අද (08) පෙරවරුවේ හෝමාගම පිටිපන තාක්ෂණ උද්‍යානයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම හා විශාලතම තාක්ෂණ පීඨය වන මේ සඳහා රජය වැය කළ මුදල රුපියල් බිලියන 3ක් වන අතර මෙහි දැනට සිසුන් 1600කට පමණ අධ්‍යාපනය ලැබීමේ පහසුකම් ඇත.

    ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව තාක්ෂණික පීඨය විවෘත කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සමරු ඵලකය නිරාවරණය කරන ලදී.

    Last modified on සදුදා, 08 ජූනි 2020 19:06

    Latest News