මෙරට විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කෙරේ

ජූනි 08, 2020

    කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන්, දැනට ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින සියලුම විදේශිකයින්ට නිකුත් කර ඇති සියලුම වර්ගවල වීසා බලපත්‍රයන්හි වලංගු කාලය ජුනි 11 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

    එදිනට හෝ ඊට පෙර දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමෙන් අනතුරුව දෙපාර්තමේන්තුව පැමිණ වීසා ගාස්තු ගෙවා අදාළ වීසාව ගමන් බලපත්‍රයේ පිටසන් කර ගන්නා ලෙස උපදෙස් දී තිබේ.

    කෙසේ වුවද, බොහෝ රටවල ගුවන්තොටුපලවල් තව දුරටත් වසා තිබීම හේතුවෙන් දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින බොහෝ විදේශිකයින්ට මෙතෙක් මෙරටින් පිටව යාමට නොහැකි වී ඇති අතරම එම සංඛ්‍යාව ඉහළ බැවින් 2020 ජුනි 11 දිනට පෙර ඉහත ක්‍රමවේදය ඔස්සේ හමුවක් වෙන් කරවා ගැනීමට ද ඔවුන් බොහොමයකට අවස්ථාව නොලැබී ගොස් ඇති බව දෙපාර්තමේන්තුව නිරික්ෂණය කරන ලදී.

    ඉහත සඳහන් තත්වයන් සැලකිල්ලට ගනිමින්, දැනට දිවයිනේ වෙසෙන සියළුම විදේශිකයින්ට ඔවුන්ගේ වීසා බලපත්‍ර විධිමත් කර ගැනීම සඳහා ජුනි 11 සිට ජුලි 11 දක්වා බලපැවැත්වෙන පරිදි සියලු වර්ගවල වීසා බලපත්‍රයන්හි වලංගු කාලය තවත් දින 30කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

    Last modified on සදුදා, 08 ජූනි 2020 18:44

    Latest News