ඇඳිරිනීති කාලය තුළදී විශේෂ මාර්ග බාධක

ජූනි 04, 2020

    ඇඳිරිනීති කාලය තුළදී විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක කිරීමට, පොලීසිය තීරණය කර තිබෙනවා

    . ඒ අනුව, අද දිවයිනේ සෑම පොලිස්‌ වසමකම පැය 24 ම ආවරණය වන පරදි විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක කර, පුද්ගලයන්‌ හා වාහන පරීක්‍ෂා කිරීමට පොලිස්පතිවරයා විසින්‌ සියලුම පොලිස්‌ ස්ථානාධිපතිවරුන්ට උපදෙස්‌ ලබා දී තිබෙනවා.

    ඊයේ රාත්‍රී 10.00 සිට 6 වැනිදා අලුයම 4.00 දක්වා දිවයින පුරා ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක්‌ මෙම කාලය තුළ අවසර ලබා දී තිබෙනවා. එබැවින්‌, අත්‍යවශ්‍යම කටයුන්තක්‌ සඳහා හැර නිවසින්‌ හෝ නවාතැන්ගෙන සිටින ස්ථානවලින්‌ බැහැර නොයන ලෙසට, පොලීසිය ජනතාවගෙන්‌ ඉල්ලා සිටිනවා.

    Latest News