මෙරට ආසාදිතයන් ගණන 1645ක්

ජූනි 02, 2020

    මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1645 දෙනෙක් දක්වා ඉහල ගොස් තිබේ.

    ඒ අද දිනයේදී තවත් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනාගැනීමත් සමගයි. නව ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් වන අතර ඔවුන් ඉරණමඩු නිරෝධායන මාධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින අය බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ.

    අද දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.

    ඒ අනුව මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 823 ක්. මෙරට සමස්ත ආසාදිතයින් 1645 දෙනාගෙන් රෝගීන් 811 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    ඉන් 144 දෙනෙකු අයි.ඩී.එච් රෝහලේත්, 109 දෙනෙකු වැලිසර නාවික රෝහලේත්, 107 දෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේත් ඔවුන් ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

    Last modified on අඟහරුවාදා, 02 ජූනි 2020 18:22

    Latest News