මාලිගාවත්ත වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අල්ලයි

ජූනි 02, 2020

    මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ සිදු වූ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් බව, පොලිස් මූලස්ථානය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ සවස සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් මාලිගාවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනිණ. ඔවුන් වයස අවුරුදු 31ක් වන කොළොන්නාව සහ මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවෙකු එම අවස්ථාවේ තුවාල ලබා සිටි බැවින් පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි, පොලීසිය ප්‍රකාශ කළේ.

    වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ද ඊයේ රාත්‍රී කොටහේන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් අසළදී, විශේෂ කාර්යබලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි, පොලීසිය කියා සිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News