බූස්ස නිරෝධායන අවසන් තවත් 14ක් පිටව යයි

ජූනි 01, 2020

    බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද (01) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව ගියේය.

    ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් නාවික හමුදාව කටයුතු කළේය.

    ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 218ක් නිරෝධායනය අවසන් කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 99 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී

    Latest News