ඊයේ ආසාදිතයින් අතරින් රුසියාවේ සිට පැමිණි 7ක්

ජූනි 01, 2020

    ඊයේ හඳුනාගැනුණු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 13 දෙනෙක්.

    ඔවුන් අතරින් 7 දෙනෙක් රුසියාවේ සිට පැමිණි පුද්ගලයන්. තවත් දෙදෙනෙක් බංගලාදේශයේ සිට පැමිණි අය වන අතර තවත් රෝගීන් සිව් දෙනෙක් වාර්තා වූයේ නාවික හමුදා සාමාජිකයින් අතරින්.

    අද වන විට කොවිඩ් 19 රෝගය වැළඳී සිටි පුද්ගලයින් 801 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 821 දෙනෙක්.

     

    Last modified on සදුදා, 01 ජූනි 2020 12:37

    Latest News