මොනරාගල වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට

ජූනි 01, 2020

    මොනරාගල,තෙනගල්ලන්ද, මාරාව ප්‍රදේශයේ පවුල් ආරවුලක් මත ඊයේ (31) රාත්‍රී 9.30ට පමණ සිදු කළ වෙඩි තැබීමදකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

    119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත මොනරාගල පොලීසිය මගින් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

    මිය ගිය පුද්ගලයා 50 හැවිරිදි ඉහත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

    සැකකරු හඳුනා ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට මොනරාගල පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 01 ජූනි 2020 09:36

    Latest News