දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නිතීය අද අළුයම 4.00ට අවසන්

ජූනි 01, 2020

    දිවයින පුරා ක්‍රියාත්මක වු ඇඳිරි නිතිය අද(01) අලුයම 4.00ට ඉවත් කෙරුණි.

    පසුගිය සෙනසුරාදා රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ඇඳිරි නිතිය පැනවිමට රජය පියවර ගත්තේය. කෙසේ වෙතත් අද අලුයම 4.00ට ඉවත් කෙරෙනු ඇඳිරි නීතිය යළි අද රාත්‍රී 10.00ට පැනවෙන අතර ජුනි 03 වන දින දක්වා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා දිනපතා ක්‍රියාත්මක වෙයි.

    ජුනි මස තුන්වන දින රාත්‍රී 10.00ට දිවයින පුරා පැනවෙන ඇඳිරි නීතිය ජුනි 06 වන දින අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. ඒ අනුව පොසොන් පොහොය යෙදෙන ජුනි මස 05 වන සිකුරාදා සහ ඊට පෙර දින දිවයින පුරා ඇඳිරි නිතිය ක්‍රියාත්මක වනු ඇති.

    ඇඳිරි නිතිය ඉවත් කෙරුණ ද සෞඛ්‍ය උපදෙස්වලට අනුව ජනතාව කටයුතු කරන්නේ ද යන්න පොලීසිය අවධානයෙන් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේය.මේ අතර අද දිනයේ සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේ දුම්රිය ගමන්වාර 33ක් අද දින සිට ධාවනයට එක් කිරීමට නියමිත බවයි.කෙසේවෙතත් එම දුම්රියවලින් ගමන් කළ හැක්කේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගින්ට පමණක් බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේය.

    එමෙන්ම අද දිනයේ සිට ධාවනය වන බස් රථ සංඛ්‍යාව ද වැඩි කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය තීරණය කර තිබේ. එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ පසුගිය සතියට සාපේක්ෂව ලබන සතිය තුළ අන්තර් පළාත් බස් රථ සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලබාදීමට තීරණය කර ඇති බවයි.

    Last modified on සදුදා, 01 ජූනි 2020 08:55

    Latest News