අදත් තැනින් තැන වැසි

මැයි 31, 2020

    නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති වේ.

    නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් අපරභාගයේදී තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිණිකොණදිග සහ නැගෙනහිර, මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 36තුලදී අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක්ද පවතිනු ඇත. එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

    ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වාත්, පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

    Latest News