මුහුදු මහා විහාරයට නව ජල පිරිපහදු මධ්‍යස්ථානයක්

මැයි 29, 2020

    ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයේ නාවික හමුදාව විසින් ස්ථාපනය කරනු ලැබූ ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථානය ඊයේ විවෘත කෙරිණ.

    ඒ, ගිණිකොණ නාවික විධානය බාර ආඥාපති රියර් අද්මිරාල්‌ සෙනරත්‌ විජේසුරිය මහතා විසිනි‌.

    නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල්‌ පියල්‌ ද සිල්වා මහතාගේ උපදෙස්‌ පරිදි ප්‍රදේශවාසී ජනතාව මෙන්ම විහාරස්ථානයට පැමිණෙන සැදැහැවතුන්ගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට මෙම මධ්‍යස්ථානය ඉදිකෙරිණ. මහා සංඝරත්නය සහ රාජ්‍ය නිලධාරින්‌ ඇතුළු පිරිසක්‌ මේ‌ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News