දිනක් තුළ මෙරට වැඩිම ආසාදිතයින් ඊයේ

මැයි 28, 2020

    මෙරටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව ඊයේ (27) දිනයේ වාර්තා වී තිබේ.

    ඒ ඊයේ දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 150 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි. මේ වන විට මෙරටින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 1469 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    ඊයේ හඳුනාගත් වෛරස ආසාදිතයින් අතර 97 දෙනෙක් විදේශයන්හි සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඊයේ හදුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 53 දෙනෙක් ද වෙයි.

    මේ වන විට ආසාදිතයින් 732 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ. ආසාදිතයින් 727 දෙනෙක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    Latest News