පළමුවැනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

මැයි 27, 2020

    2021 වර්ෂය සඳහා පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්‌ට අදාළ ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් පුරවා තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2020 ජූලි 15 ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු බවයි.

    සියලුම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2020 ජූනි 30 දිනට වලංගු වන පරිදි වන අතර සියලු ලිපි ලේඛන එදිනට අදාළව ඉදිරිපත් කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

    Latest News