ශ්‍රී ලංකා ගුවන්‌ හමුදාව, එක්සත්‌ ජාතීන්ගේ සංවිධානයේ විශේෂ සම්මානයට

මැයි 23, 2020

    ශ්‍රී ලංකා ගුවන්‌ හමුදාව දකුණු සුඩානයේ ඉටුකළ සාම සාධක මෙහෙවර එක්සත්‌ ජාතීන්ගේ සංවිධානයේ විශේෂ සම්මානයට පාත්‍ර වී තිබේ.

    දකුණු සුඩානයේ බෝර්‌ ගුවන්‌ හමුදා කඳුවුරේ පැවති විශේෂ සම්මාන උත්සවයකදී ශ්‍රී ලංකාවට මෙම ගෞරවය පිරිනමනු ලැබිණි.

    එක්සත්‌ ජාතීන්ගේ සාම හමුදා පදක්කම්‌ ප්‍රදාන උළෙල පැවැත්වුණේ, නැගෙනහිර විධානයේ අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ජෙනරල්‌ මොහොමඩ් ජෙහන්ජීර්‌ අලාම්ගේ ප්‍රධානත්වයෙනි‌. මෙහිදී නිලධාරීන්‌ 19 දෙනෙකු සහ සෙසු නිලයන්‌ 85 දෙනෙකුට පදක්කම් පිරිනමනු ලැබුවා. ඊට අමතරව නිලධාරීන්‌ තිදෙනෙකු හා සෙසු නිලයන්‌ 17 දෙනෙකු විශේෂ කුසලතා සහතික හිමි කර ගත්තා. ශ්‍රී ලංකා ගුවන්‌ හමුදාවේ හතරවන හෙලිකොප්ටර් ඒකකයේ මෙහෙවර විශේෂ අගැයීමට ලක්වුණා. දකුණු සුඩානයේ පීඩාවට පත්‌ ජනතාවට ආහාර හා සෙසු පහසුකම්‌ සැපයීම වෛද්‍යාධාර ලබා දීම හා එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙවරට විශේෂ සහයක්‌ ලබා දීම ශ්‍රී ලංකා ගුවන්‌ හමුදා කණ්ඩායම්‌ විසින්‌ ඉටු කරනු ලැබුවා.

    Latest News