මෙරට කොවිඩ්19 ගණන 1068ක්; සුව වූ ගණන 620ක්

මැයි 23, 2020

    මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 620ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තා රෝගීන් ගණන 1068ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ(22) වාර්තා වූ රෝගීන් 13 දෙනාත් සමගයි. එම රෝගීන් 13න් 11ක් නාවික හමුදා සෙබලුන් වන අතර ඉතිරි දෙදෙනා මැලේසියාව හා කුවේට් සිට පැමිණි අය බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව මේ වන විට ආසාදිතයින් 439ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 110 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 9කි.

    Latest News