සමුදුර නෞකාව, ඉන්දුනීසියානු මුහුදේ අතරමං වූ යාත්‍රා වෙත ළඟා වෙයි

මැයි 22, 2020

    ‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා 21 වැනි දින පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සමුදුර නෞකාව අදාල ධීවර යාත්‍රාවන් වෙතට ළගාවී මේ වන විට එම යත්‍රාවන් සමඟ සන්නිවේදන කටයුතු ගොඩනගා ගැනීමට සමත්ව සිටී.

    මේ වන විට අදාල ධීවර යාත්‍රාවන් සමඟ සන්නිවේදන කටයුතු සිදු කරමින් ඔවුන්ට අවශ්‍ය සියළුම සහායන් ලබා දෙමින් ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටී. තවද ගොඩබිමට යාත්‍රා කරන අතරතුර අදාල ධීවර යාත්‍රාවන් සහ ධීවරයන්ට අවශ්‍ය ආහාර, වෛද්‍යාධාර සහ ඉන්ධන සමුදුර නෞකාව මගින් අවශ්‍ය පරිදි ලබාදීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

    ඒ අනුව මෙම සුලි කුණාටු තත්වය හේතුවෙන් විපතට පත් සියළුම ධීවර යාත්‍රාවන් ඉදිරියේදී නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි.

    Latest News