කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනයේ විමසුම

මැයි 22, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඊයේ (21) ඓතිහාසික වර්ධනයක් පෙන්නුම් කළේය.

    ඒ අනුව ඊට පෙර දිනය අවසානයේදී ඒකක 1094.14ක් ලෙස දැක්වුණු ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඊයේ දිනයේදී දිනයේදී ඒකක 132.90කින් ඉහළ යමින් සියයට 6.28ක වර්ධනයක් වාර්තා කළේය.

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය මැයි 18 වැනිදා සියයට 5.25කින් ඉහළ ගිය අතර ඒ අනුව සතියක් ඇතුළත ඓතිහාසික අගයකින් ඉහළ ගිය දෙවැනි අවස්ථාව මෙය යැයි එම වෙළෙඳපොළ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    මාස එකහාමාරකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික කටයුතු සඳහා විවෘත කරන ලද්දේ මැයි 11 වැනිදායි.

    එදිනත් මැයි 12 වැනිදාත් පහත කොළඹ කොටස් වෙළෙඳපොළ පහත වැටිණි.

    ඉන් අනතුරුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය.

    කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනය අවසානයේදී ඒකක 4,784.80ක් ලෙස දැක්වුණු අතර එය ඒකක 129.58ක එනම් සියයට 2.78ක වර්ධනයකි.

    මාර්තු 13 වැනිදායින් එම දර්ශක දෙක වාර්තා කළ ඉහළම අගයන් විය.

     

    Latest News