ධරණීය සංවර්ධනය පිළිබඳ හත්වැනි ආසියා පැසිෆික් සංසදයේ සභාපතිත්වය ලංකාවට

මැයි 22, 2020

    තායිලන්තයේ බැංකොක්හි පැවති ධරණීය සංවර්ධනය පිළිබඳ හත්වැනි ආසියා පැසිෆික් සංසදයේ සභාපතිත්වයට ශ්‍රී ලංකාව තේරී පත් වෙයි.

    ධරණීය සංවර්ධනය සඳහා වූ හත්වැනි ආසියා පැසිෆික් සංසදය (APFSD) වත්මන් කොවිඩි - 19 වසංගත තත්ත්වය හේතුවෙන් 'නව යථාර්ථයන්ට' අනුගතව ප්‍රථම වතාවට අන්තර්ජාලය ඔස්සේ මැයි 20 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වීය.

    එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කවුන්සිලයේ (UNESCAP) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මෙන්ම තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන සමන්තා ජයසූරිය මහත්මිය එම 7 වැනි ආසියා පැසිෆික් සංසදයේ සභාපති ධුරයට ඒකමතිකව තේරී පත්ව තිබේ.

    ඒ අනුව තානාපතිනිය ඉදිරි වසරක කාලයක් සභාපති ධුරය හොබවනු ඇත.

    ‘ආසියා පැසිෆික් කලාපයේ 2030 ධරණීය සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග’යන තේමාව යටතේ 7 වැනි ආසියා පැසිෆික් සංසදය පැවත්විණි.

    සාමාජික රටවල්, ප්‍රධාන හවුල්කරුවන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් 730කට අධික පිරිසක් අන්තර්ජාලය ඔස්සේ මෙම සැසියට එක්වූහ.

    Latest News