පාසල් සඳහා උෂ්ණත්වමාන

මැයි 22, 2020

    කොවිඩ් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා උෂ්ණත්වමාන විසිදහසක් පාසල්වලට බෙදාහැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

    මෙම උෂ්ණත්වමාන පාසල්වලින් සපයාගත යුතු බවට කලින් තීරණය කර තිබුණ ද ගුණාත්මක තත්ත්වයෙන් යුත් උෂ්ණත්වමාන ලබාදිය යුතු හෙයින් අමාත්‍යාංශය මගින් මිලට ගෙන පාසල්වලට බෙදාහැරීමට තීරණය කර ඇති බව පැවසේ.

    සිසුන් සංඛ්‍යාව අනුව පාසල්වලට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා රුපියල් තිස්දහසේ සිට රුපියල් එක්ලක්ෂ දසදහස දක්වා මුදල් ප්‍රමාණයන් වෙන්කරන බවත් එම මුදලින් උෂ්ණත්වමාන, ජලකරාම හා ගිලන් ඇඳන් සපයා ගන්නා ලෙසත් අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට දැනුම් දී තිබිණ.

     

    Latest News