icc

සෑම රෝහලකටම විශේෂ උණ වාට්ටුවක් - සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රමේශ් පතිරණ

මැයි 22, 2020

    උණ රෝගීන් වෙනුවෙන් මෙරට සෑම රෝහලකම විශේෂ වාට්ටු සංකීර්ණයක් වෙන් කිරීමට තීරණය කර ඇත.

    කොවිඩ් සමග තවත් කාලයක් ජීවත්වීමට සිදුව ඇති නිසා මෙම තීරණය ගෙන ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රමේශ් පතිරණ ඊයේ (21 වැනිදා) ප්‍රකාශ කළේය.

    කොවිඩ් උවදුර සාර්ථක ලෙස පාලනය කළත් ඉදිරියේදීත් ඉන් ආරක්ෂා විය යුතු බව කී ඇමැතිවරයා ප්‍රතිකාර සඳහා පහසුකම් සැලසීමට සෑම රෝහලකම උණ රෝගය පිළිබඳ විශේෂ ඒකක ඇති කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් රැස්වීමේදී අවධානය යොමු කළ බව පැවසීය.

    Latest News